Friday, March 31, 2017

ලැජ්ජානැතිකම දොස්තරකමටත් වඩා ලොකුයි ඕයි....01



පදිරිලන්තයට පදිරංගෙන්නම් හිගයක් නැත්තේ ය. සීමාවක් නැති  අනේක විධ පදිරන්  පඳුරක් ගානේ විසිවෙමින් සිටියදී, පට්ට පදිරෝ ද විටින් විට මතුව පහව යෑම පදිරිලන්තයේ සාමාන්‍ය ස්වභාවය යි.තනි පුද්ගලයෙක් හැටියට පදිරිලන්තයේ මේ වෙලාවේ කැපී පේන පට්ට පදිරා වාචාලවංශ ය. වාචාලවංශගේ උපවාස පදිරිකං පැත්තක සිදුවෙද්දී , ඔහු ද ඉක්මවා යන පට්ටම පදිරන් කොටසක්ද සමාජය තුළ පදිරි වෙමින් සිටී. ඒ දොස්-තර පදිරෝ ය. දොස්තර පදිරෝ පදිරිවීමට පටංගත්තේ අදක ඊයෙක නම් නෙමෙයි. හරියට බලනවානම් පහුගිය කාලයේ ම ඒ අය කළේ පදිරි වැඩ විතර ය.

එසේ නමුත්, මේ උන්දලාගේ සුවිශේෂත්වය වන්නේ, තමං කරන සකලවිද පදිරිකම්, තමං සිදු කරන්නේ  නිදහස් අධ්‍යාපනයත් සෞඛ්‍යයත් වෙනුවෙන් ය යනුවෙන් නිතර දෙවේලේ හඟවමින් සිටීම ය. නමුත් සිදුකරන සෑම ක්‍රියාවෙන් ම පේන්නේ, නිදහස් අධ්‍යාපනයත් සෞඛ්‍යයත් වෙනුවෙන් කටින් කී නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන හැටියක් ය.දැන් අපි දොස් -තර පදිරංගේ මෙවන් පදිරි වැඩ කීපයකුත් , ඒවා හේතුවෙන් සමාජයෙන් ලද, දොස් (දෝෂාරෝපණ) තර වීමෙන් ලද මානසික අවපීඩනය නිසා දොස්තර පදිරං දොස්-තර පදිරං වූ අයුරුත් පියවරින් පියවරට බලමු.

රටේ නිදහස් සෞඛ්‍ය රැකගන්න තමං වෑයං කොරනවායි කී දොස්-තර පදිරෝ, පහුගිය කාලයේ ගත් එක් වෘත්තීය ක්‍රියාමාර්ගයක අරමුණ වූයේ තමංගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලීම ය. මේ වෙනුවෙන් රටේ දුප්පත් රෝගීන්ගේ ජීවිත මේ අය ප්‍රාණ ඇපයට ගත්තා අපිට මතකය. ඔබගේ දරුවන්ට සුපිරි පාසල් දීම තුළින් නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛයයත් වෙනුවෙන් ජීවිතේ පරදුවට තබම්හයි කියන මේ අයගේ මේ ක්‍රියාමාර්ගයෙන් රැකෙන නිදහස් අධ්‍යාපනය කුමක්ද? යන ප්‍රශ්නයේදී මේ අයගේ පිළිතුර මුඛ පූට්ටු වී විපිළිසරව සිටීම විතරක් විය.කොහොමින් කොහොම හරි,  මේ පදිරි වැඩේට එරෙහිව සමාජයෙන් ලැබුණු ප්‍රතිචාරය දරුණු විය. සමස්ත සමාජය මේ පදිරි ඉල්ලීමට එරෙහිව එක හෙළා නැගී සිටියහ. එකී ප්‍රතිචාර හමුවේ  සුපිරි පාසල් ඉල්ලීම් අකපුස්සේ ගසාගන්නට අවසානයේ මේ උදවියට සිදු විය.
යම් හෙයකින් මේ උදවියගේ වෑයම සඵල වුණිනම්, වන්නට තිබුණේ ජනප්‍රිය පාසල් සඳහා සැබෑ සුදුසුකම් හිමි අදාල ප්‍රදේශයේ දුප්පත් දරුවන්ගේත්,  ශිෂ්‍යත්වාදී විභාග සමත්ව එම පාසල්වලට සුදුසුකම් ලබන ග්‍රාමීය, දුප්පත් දරුවන්ගේත් අධ්‍යාපන අයිතියට කෙළවෙන එක ය. රටේ සකලවිධ වෘත්තිකයිනුත් සකලවිධ මිනිසුනුත් තමංට වඩා පහත මට්ටමේ සහ නූගත් ජීවීන් සේ දකින දොස් තර පදිරංගේ අරමුණ වූයේ, ඒ දුප්පතුන්ගේ දරුවන්ට හිමි පාසලෙන් ඔවුන් කෙසේ හෝ පිටුවහල් කර, තමංගේ (දොස්-තරගේ) මන්ධබුද්ධික සහ නිසි සුදුසුකම් නැති දරුවන් මේ පාසල්වලට රිංගවාගැනීම ය.ඒ මේ අය නිදහස් අධ්‍යාපනය රැක්ක හැටිය. මේ ඉල්ලීම් සමග ඔවුන් නිදහස් සෞඛ්‍ය රැක්කේ කෙසේද යන්නත් සොයා බැලීම වටී. තමංට සුපිරි පාසල් වරප්‍රසාදය නොදුන්නහොත් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ජීවිත විනාශ වනු ඇති බවට ප්‍රසිද්ධියේ තර්ජනය කළ දොස් - තර පදිරං පෞද්ගලික රෝහල්වලත් තමංගේ චැනල් සෙන්ටර්වලත් වෙළ හෙළඳාම්  නැවැත්තුවේ නැ.ත. වෙනදාටත් වඩා යහමින් ඒ කටයුතු සරුවට කරගෙන යෑමට මේ අයට හැකි විය. මිනිස් ජීවිත බිල්ලට ගැනීමට තමංට ඇති හැකියාව සෑම මොහොතකම මේ අය පාවිච්චි කරන්නේ එහෙමය. මේ නිදහස් සෞඛ්‍යය කෙරුවාවේ මහිම ය. නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇති හැටි ය. වන්නාටය!
පදිරිලන්තයේ දොස්තර පදිරංගේ තවත් විස්තර පස්සට දැනගත යුතුය......

පදිරා විසිනි

x

අමුඩේ කැත කරගත් ගොමයාගේ වත

කොටින්ම කියනවානම් වැඩ වර්ජනය කළ පාදෙණිය ඇතුළු වෛද්‍ය සනුහරේට වුණේ බොරුවට පඩින්ඩ ගිහින් රෙද්දේ රෙවුණ එකාට වුණ වැඩේය. ඒතරමටම පදිරිවී ගියේ ...