Saturday, April 8, 2017

“අඹුදරු - හොරඅඹු” සංකල්පය සහ වංශොට් රංජා




පදිරිලන්තය හරි පුදුම රටකි. පදිරිම දේශපාලනය තිබීම අතිනුත්, පදිරිම දේශපාලඥයින් සිටීම අතිනුත්, පදිරිම පුරවැසියන් සිටීම අතිනුත් පදිරිලන්තය තියෙන්නේ ලෝකේ උතුම් රට කියන තැන ය.

පදිරිලන්තය මේ තැනට උස්සලා තියන්න බලපාපු තවත් පිරිසක් සිටී. එනම්, පදිරිලන්තයේ පදිරිම දේශපාලන විචාරකයින්. අද වන විට මුහුණුපොතේ හැම පදිරා ම මහා බලසම්පන්න දේශපාලනික විචාරකයින්වෙලයි ඉන්නෙ.

මේ පදිරි දේශපාලක විචාරකයින් මාරම නිර්මාණශීලී ය. ඔවුන් ලෝකදේශපාලන න්‍යායං පවා වෙනස් කරන තරමේ බුද්ධිමතුන් කොටසක් ය. පහුගිය කාලයේ ලෝක දේශපාලනයට නව සංකල්ප රාශියක් මේ පදිරි ෆේස්බුක් විචාරකයෝ දායාද කර තිබේ. ඉන් එකක් නම් සැබෑ දේශපාලක ප්‍රතිරූප ය පිළිබද දේශපාලන ප්‍රමිති කට්ටලය යි. දේශපාලන ප්‍රතිරූප පිළිබ මේ සංකල්පයේ අලුත් ම ප්‍රමිති නිර්ණායක ය වී ඇත්තේ. “අඹුදරු - හොරඅඹු ” සංකල්පය යි.

ඇත්තට ම කියනවානම්, මේ සංකල්පය නැවත වතාවක් දේශපාලනික වේදිකාවට ගෙනාවේ යහපාලන ලේ පිරිසිදුකිරීමේ ඇමති, මිස්ටර් විකට ක්ලීන් වන රංජන් රාමනායකට දිවුලපිටියේ පුරවැසියන් ය කියනා පිරිසක් බැණ වැදීමේ සිදුවීම යි. එහෙමත් නැත්තම් ‘තමුං රංජාවගේ නෙමෙයි, අඹුවන් ඉන්න -දරුවන් ඉන්න අය‘ කියලා එකී ජනතාව බැණ තර්ජනය කිරීමේ සිද්ධිය තම න්‍යායට සිද්ධි අධ්‍යනයක් හැටියට ගනිමිනි මේ ෆේස්බුක් විචාරක පදිරං “අඹුදරු - හොරඅඹු” සංකල්පය නැවත වටයකින් දේශපාලනය තුළ තහවුරු කර ඇත.

කෙසේ වෙතත් වාර්තා වන පරිදි, ප්‍රදේශයේ දේශපාලනික බලවතුන් කිහිප දෙනෙක් එකතුව සිදු කරමින් යන පස් කැපීමේ ජාවාරමට විරුද්ධව රංජා තම විකට ක්‍රියා සහිත සුපුරුදු වං ශොට් මෙහෙයුමක් ගෙන යෑමය මෙසේ ජනතා උදහසට හේතු වී  ඇත්තේ.

කෙසේ වෙතත් මේ න්‍යායාචාර්යවරුන්ට අනුව, හොද දේශපාලඥයෙක් වීමටනම් තිබිය යුතු මූලික සුදුසුකම් අතර මූලිකම සුදුසුකම ඔහු විවාහ වී සිටීහ හා දරුවන් සිටීම ය. හොර අඹුවන් සිටීමත්, රස්සා  දෙනවා කියා තරුණියන් රවටා දූෂණය කිරීම, බිරියන්ගෙන් දික්කසාද නඩු වැටීම, නිළියක් ගායිකාවක් සමග ප්‍රසිද්ධ ලිංගික භූමිකාවකට එළඹීම සහ ඉඳහිට කොටුවක් පැන මාට්ටුවී කකුලක් කඩා ගැනීම හෝ බිරිදගෙන් ගුටි කා අඩ නිරුවතින් දිවීම වගේ දේවල් ගොඩකුත් මේ සංකල්පයේම තවත් ඉස්සරහට ගිය සුදුසුකම් හැටියට සැලකේ.

මේ සංකල්පයේ දියුණුතම ප්‍රතිගම්‍ය අවස්ථාව වන්නේ අඹුරුවන් සිටින අය හොරකම් කළාට ගැටලුවක් නෑ යන්නයි. දිවුල පිටියේ අඹුදරු - පරඅඹු පාර්ශ්වයේ ජනතාව රංජන්ට කියන්නේ ඒ පණිවිඩයයි. “අපියි අපි පස්සෙ ඉන්න දේශපාලඥයිනුයි අඹුදරු පරඅඹු සිටින අය. අපිට රකින්න පුවුල් තියෙනවා. ඒ නිසා අපි හොරකම් කළාට කමක් නෑ. හැබැයි  අඹුදරු පරඅඹු නැති අය ඒවා විවේචනය කරන්න බෑ”

“අඹුදරු - හොරඅඹු ” සංකල්පය ම පාදක කරගනිමින් පදිරිලන්තයේ දේශපාලනය ගැන විචාරක පුරවැසි පදිරං මේ විදිහට කල්පනා කරන බවත් පේන්න තියෙනවා. “හොරකං නොකර දේශපාලනය කරන උනුත් හොරකම්වලට විවේචනය කරන වුනුත් ඒවා නොකරන්නේ උන් ගෑනු දරුවො නැති කාලකණ්නි ජාතියක් නිසා”

එතනදි සිද්ධි අධ්‍යන හැටියට ගන්නේ මේවා - “රනිල් හොරකං නොකරංනෙ ඔය කාලකණ්නියාට ළමයි නැති නිසා. මහින්ද හොරා වුණාට අවුලක් නෑනෙ. මහින්දට අඹුවො ඉන්නවා. දරුවො ඉන්නවා. මිනිහා ඉඳලා හරි සෙල්ලමක් දෙකකුත් දාන නියම ජාතියේ පිරිමියෙක්. රටකට ඕන එහෙම දේශපාලඥයෙක්”

“රංජා හොරකං නොකරන්නෙත් හොරකමට එරෙහිව කතා කරන්නෙත් ඕකට දරුවෙක් මල්ලෙක් තියා ගෑනියෙක්වත් නැති නිසා. ඕකා හොරකං කරලා කාට නම් කියලා දෙන්නද? ”

නියම දේශපාලඥයින් දේශපාලනය කරද්දි සල්ලි ඕනා. ඒකට හොරකං කරන්න වෙනවා ඉතිං. ඒවා විවේචනය කරන්න අඹුදරු හොරඅඹු පරඅඔු සබ්ජට්වල නැති කාළකණ්නින්ට අයිතියක් නෑ...

- පදිරා විසිනි








Thursday, April 6, 2017

ලැජ්ජානැතිකම දොස්තරකමටත් වඩා ලොකුයි ඕයි....02

(දොස්තර පදිරිවත 2)



නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් රකිමැ’යි කියනින් ගමං ම තමංගේ දරුවන් ජනප්‍රිය පාසල්  ඉල්ලමින් රටේ දුප්පත් සහ සුදුසුකම් ලත් දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයට දොස්තර පදිරං කෙළිය හැටි මීට කළිං පදිරා පෙන්නලා දුන්නා. 
.http://padirilanthaya.blogspot.com/2017/03/01.html

 ඒ වගේම ඒ ඉල්ලීම් වෙනුවෙන් රජයේ රෝහල්වල ප්‍රතිකාර ගත්තු අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිලිගනිමින් - පෞද්ගලික රෝහල්වල හොද්ද බොර කරමින් නිදහස් සෞඛ්‍යට කෙළි හැටිත් කිව්වා.


පදිරා මේක ලියන මේ වෙලාවෙත් (2017-04-07) රටේ සියලු රජයේ රෝහල්වල පදිරි දොස්තරලා ස්ට්‍රයික්.  දොස්තර පදිරලා මේ වැඩවර්ජනයට දින දාගත්තේ තමංට කේවල් කරන්න හොඳම කාලයක් එනකං බලං ඉඳලා. එනම් වැඩිම දුප්පත් රෝගීන්  සංඛයාවක් මරණයට පත් කරන්න පුළුවං කාලයක් එළඹෙනකං බලන් ඉඳලා. උණ වසංගතය රට පුරා ව්‍යාප්ත වෙනකං හිඳලා.
කොහොම වුණත් දොස්තර පදිරන්ගේ මේ පදිරි වැඩේටනම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හැඟීමක් තියෙන හැමෝම විරුද්ධ වෙන්න ඕනෑ. මොකද මුං වැඩ වර්ජනය කරා කියලා අධිකරණ තීන්දුවක් වෙනස් කරන්න ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩක් නෑ. යම් කිසි බඩගෝස්තරයින් පිරිසක්ගෙ වැඩවර්ජනයක් නිසා නීතිය වෙනස්ම ආකාරයකට නිර්වචනය කරන්න ගියෝතින් එතනින් එහාට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් නෑ. තමංගේ රස්සාවට කෙළවෙයි කියලා හිතලා ඒ නිසා සයිටමයට එරෙහිව මුං කරන මේ වැඩවර්ජනය එක පැත්තකින් රටේ නීතියට කරන අභියෝගයක්. කොහොමින් කොහොම හරි රටේ ජනමනස තේරුම්ගන්න පුළුවං කෙනෙක් හැටියට පදිරාට පේන්නේ  මෙහෙම ගියොත්  ජනතාවගෙන් ගල්මුල්, කුණුබිත්තර, අසූචි දොස්තර පරිරංගේ ගෙවල්වලට වදින කාලය ඈතක නොවන බව. 
හරි, කතාවෙන් කතාව මාතෘකාව පිට පැන්නා.


පදිරිලන්තයේ දොස්තර පදිරංගේ නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපන කෙරුවාවේ තවත් කෑල්ලක් සොයා බලන්නයි අපි මේ සටහන පටංගත්තේ.


කළිනුත් කිව්වා වගේ පදිරි ලන්තයේ දොස්තර පදිරංගේ මේ පදිරිවැඩවලට මුල් වී ඇත්තේ සයිටොම් විරෝධය කියලා අපි දන්නවා. මුං කියන හැටියට මුං සයිටමයට අකමැති ඒ මගින් තමංගේ අමතර ආදායමට කෙළවෙන්න ඉඩ තිබීම පිළිබඳ බඩජාරි බය නෙමෙයි, සයිටමය ප්‍රමිතියෙන් තොර වීම ලු. දොස්තර පදිරං කියන පදිරි තර්කවලට අනුව සයිටම් සිසුන්ට නිසි සායනික පුහුණුවක් නෑ. රජයේ විශ්වවිද්‍යාලවල ඉගනගන්න උන්ට වගේ නෙමෙයි ලු.


නමුත් පදිරි ලන්තයේ කවුරුත් දන්න, ඒත් නොදන්නා වගේ ඉන්න දෙයක් තමයි සයිටම් සිසුන්ගේ සායනික පුහුණුවට කෙළියේ මේ පදිරං ම බව. ඒ විතරක්ද මුංගේ රජයේ විශ්වවිද්‍යාල ප්‍රමිති නාඩගම රෙද්දපල්ලෙන් බේරෙන්නේ මුං සායනික පුහුණුවට කෙළියේ සයිටම් සිසුන්ගේ විතරක් නොවීම නිසා. මුන් රජයේ විශ්වවිද්‍යාලයේ  සමසෞඛ්‍ය ශිෂ්‍යයාගේ සායනික පුහුණුවටත් උපාධියටත් කෙළෙව්වා. ඒ සමසෞඛ්‍ය ශීෂ්‍යයා විධිමත් පුහුණුවක් ඇති විධිමත් උපාධිධාරියෙකු වුවහොත් කවදා හරි රෝහල් පද්ධතිය තුළ තමංට ඉහළින් සිටින්නට ඉඩ තියෙනවා කියන බඩගෝස්තරවාදී බය නිසා. වාර්තා වෙන විදිහට දැන් වෙන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයට අවුරුදු දහයක්. පදිරි ලන්තයේ දොස්තර පදිරෝ ඒ අවුරුදු දහය තිස්සේ මේ ශිෂ්‍යයින්ගේ උපාධියට වින කටිමින් ඉන්නවා. ඔවුන්ගේ සායනික පුහුණුවට හානි කළා. සායනික පුහුණුව විතරක් නෙමෙයි සමස්ත උපාධිය ම නවත්තන්න කැසකැව්වා. නමුත් ඒ අවස්ථාවෙත් රටේ ජනතාව හිටියේ මේ පදිරි වැඩේට විරුද්ධව. ඒ නිසා ඒක සම්පූර්ණයෙන් නවත්තන්න මුංට බැරි වුණා.

ඒත් අද මේ මොහොත දක්වාම ඒ ළමයින්ගේ සායනික පුහුණුවට පදිරි දොස්තරලා කෙළිමිනුයි ඉන්නේ. තමංගේ විශ්වවිද්‍යාලවල ම තියෙන තවත් පීඨයක් වන සමසෞඛ්‍ය පීඨයන්හි දරුවන්ට  නිමක් නැති තරමින් අපහාස උපහාස කරමිනුයි ඉන්නේ. ඔවුන්ගේ අධ්‍යාපනය පමණක් නොවේ ඔවුන්ගේ මානසික මට්ටමට ද හානි කරමිනුයි ඉන්නේ. මේ මුංගේ වෘත්තීය කුහකත්වයේ හා සමාජ හීනමානය අධිමානයක් කරගැනීමට යෑමේ ඵලයන්.


මුන් කොයි තරං හීනමාන කාරයෝද කියලා කියනවානම්. සමසෞඛ්‍ය ශිෂ්‍යයෝ වෙද නලාව පාවිච්චි කරනවාට මුං එරෙහි වුණා. ඒ විතරක් නෙමෙයි සමසෞඛ්‍ය ශිෂ්‍යයින්ගේ කබායේ අත් වෛද්‍ය ශිෂ්‍යයින්ගේ කබායේ අත් තරම ට ම දිගයි කියමින් එය කපා දමන තුරු මුන් කුහක වැඩ කළා. ලෙඩ්ඩුන් බිල්ලටදීමේ හැදියාව පාවිච්චි කරමින්.


දොස්තර පදිරන් රජයේ විශිවවිද්‍යාලයේ සමසෞඛ්‍ය ශිෂ්‍යාගේ සායනික පුහුණුවට කෙළිනින් ගමන්, මාළඹේ සිසුන්ට රජයේ විශ්වවිද්‍යාලවල සිසුන් තරමින් සායනික පුහුණුව නෑ කීමේ ජඩකම ගැන, තුන්වෙනි පාර්ශ්වයක් විදිහට පදිරා කරන කතාව නවත්තලා, අපි සමසෞඛ්‍ය ශිෂ්‍යයෙක් ට ම කන් දීලා බලමු.


උපුටාගැනීමක් -

“මන් මේ කියන්නට යන්නෙ දොස්තර මහත්තුරැ නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරියයි. පේරාදෙනීය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීට අවසන් වසර සිසුන් වන අප මේ ගැන හොදින්ම දනී. අප පීඨයට ඉහලම z අගයන් වලින් කැම්පස් වලට ඇතුල් කරගන්නා අතර උදාහරනයක් ලෙස පශු වෛද්‍ය උපාදියට පවා වඩා වැඩි z අගයක් ඇති උපාදි වන physiotherspy,mls වැනි උපාදිද ක්‍රියාත්මක වේ. බොහෝ ද්‍රිස්තික්ක වලින් අඩු z වලින් පැමිනි වෛද්‍ය සිසුන්ටද වඩා වැඩි z අගයක් ඇති සිසුන් බහුතරයක් ඉගෙනුම මෙම පීටයේ ඉගෙනුම ලබයි. එපමනක් නොව වෛද්‍ය, දන්ත වෛද්‍ය උපාදිවලට යෑමට තිබියදී එවාට නොගොස් පැමිනි සිසුන්ද සිටිති.කොටින්ම දොස්තර මහත්තුරැ පාරම්බෑවට සමහර අඩු z ඇති ද්‍රිස්ත්‍රික්ක වලින් පැමිනි දොස්තර මහත්තුරැන්ට වඩා ප්‍රතිපල ඇති nursing උපාදිදාරීන් අදද පේරා කැම්පස් එකට ගියොත් බලාගත හැක. මා මෙලෙස හැදින්වීමක් කරේ ඔබට වඩා හොද චිත්‍රයක් මවාගැනීමට පහසුවීම පමනක්ම නිසාය.

2005 පලමු සිසු කන්ඩායම විශ්ව විද්‍යාලයේ මෙඩිකල් පැකල්ටියට ආ දින කලු කොඩි දමා හූ කියා සම සෞඛ්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයේ නාමයෙන් පන්නා දැමීය. ඉන්න තැනක් නැතිවූ එම සිසුන්ට සනාතන මන්දිරිය පාමුල මාස ගනනක් ලැග අවසානයේ වෙනම පීටයක් ලේ කදුලු මතින් ලබාගැනිනි.එතනින් නොනැවතී දහසක් දුක් කරදර වලින් බැටකා අවසන අදත් සායනික පුහුනවට පේරාදෙනි,නුවර රෝහල් නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ නාමයෙන් ලබා නොදුන් ජී එම් ඕ මහත්තුරැ හා වෙද සිසුන් නිසා අදටත් කුරැනෑගල රෝහලට,හලාවතට, වැලිසරට වැනි ඈත රෝහල්වල බෝඩිම් වී අතින් මුදල් වියදම් කරගෙන කාලය නාස්තිකරමින් දුස්කරව ඉගෙනීමට සිදුව ඇත.

සායනික විද්‍යාගාර කබාවේ දිගද ඔවුන්ට ප්‍රස්නයක් විය. අත වැහෙන්නට වෙද සිසුන් මෙන් තිබුනොත් එය තමුන්ගේ පැලැන්තියට හානියක් බව සිතූ ඔවුන් සම සෞඛ්‍ය සිසුන්ගේ කබාවෙ අතද කප්පාදු කලේය. 

ප්‍රතිකාර සදහා කෙතරම් අවශ්‍ය උවද වෙද නලාව රැගෙන යාමට වෛද්‍යවරැ අපට ඉඩ නොදෙයි. රෝග විනිස්වය වෙදනලාව නැතුව වැරදී ලෙඩා මැරනත් ඔවුන්ට කමක් නැත. ඊට වඩා තමුන්ට විතරක් උරැම ආභරනයක් ලෙස සිතා වෙන කාටවත් නොදියයුතුයැයි ලන්කාවේ පමනක් සිටින උඩගු දොස්තර වරැ සිතයි.

මගේ පුද්ගලික සිදුවීමක් සිහිපත්කරමි. මම වෙද සිසුන්ගේ උත්ඝෝශනයකට පෙර දින සහභාගී විය. එයට බහුතර වෙද සිසුන් සහභාගී නොවුනු අතර ඔවුන් සායනික පුහුනවට යද්දි අප ඔවුන් වෙනුවෙන් එයට සහභාගී විය. පසුදින මා කුරැනෑගල රෝහලේ ප්‍රතිකාර ලෙඩුන්ට කරන විට එයට ඈත තියා කින්ඩියට සිනාසුනු වෙද සිසුන් හා වෛද්‍යවරැ මා පෙන්නා මුනුත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවායැයි කියමින් සිනාසෙමින් ඔවුනොවුන් කතාකරනවා මට ඇසුනි. මට මේ කුහකත්වය පිලිබද දැනුනු පිලිකුල විස්තර කර නොහැක.

තවද සමසෞඛ්‍ය උපාදිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරැද්දකින් අඩුකලේ තමුන්ගේ උපාදිකාලසීමාවට සමාන වේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරැවට කියෝන දොස්තර මහත්තුරැන්ගෙන් මට අහන්නට ඇත. 

සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගනනක් යනතුරැ රජයේ රැකියාවලට ඒමට දොස්තර මහත්තුරැ ඉඩ නොදුනි.

වසර 4 උපාදිදාරීන්ට මෙරට ලැබෙන sl කාන්ඩයේ වැටුප වෙනුවට අදටත් වසර 2 ඩිප්ලෝමා වේතනයෙන් එහා සතපහක් අවුරැදු හතරහමාරක (4.6)උපාදියක් ලබන සම සෞඛ්‍ය උපාදිදාරීන්ට නොදෙන්නට වෛද්‍යවරැ කටයුතුකර ඇත. 

ඔවුන්ගේ සන්ගමයෙන් බෙදාහැරි අපදුටු ලීප්ලට් වලට අනුව නම් ඒ ලොව අනෙක් රටවල පරිදි ඔවුන්ගේ ඒකාදිකාරය නැතිවී මෙරට රෝහල් පරිපාලනයට පිසියොතෙරපිස්ට් කෙනෙක් නර්ස් කෙනෙක් වෛද්‍ය රසායනාගාරවරයෙක්,විකිරන ශිල්පියෙක්, ඖෂදවේදියෙක් ඒ යැයි ඔවුන් දක්වන බියයි. ඔවුන්ගේ තත්වයට හානියක් වෙයි යැයි වන බියයි. ලන්කාවේ පිසියෝස්ලට නමට ඉදිරියෙන් Dr. යන්න භාවිතාකලොත් වැඩේ බලාගත හැක. ලෝකයේ කෙසේ වෙතත් මේ කොදෙව් මානසිකත්වයෙන් ඉන්න අපට එව්ව වැඩක් නැතැයි ඒ මහත්තුරැ හිතයි. 

මෙවැනි අසාදාරන නිසා අද මෙම උපාදිදාරීන් ගනනාවක් විදේශ රටවල ඉහල ප්‍රතිලාභ ඉහල වැටුප් වලට ඇදෙයි. මෙරට රෝගීන් ගනනාවක් සුවපත් කිරීමට තිබු අවස්තාව එමගින් නැතිව යයි. අවුරැදු 4. මාස 6 ඉගෙනුම ලබා රැපියල් 15000 පඩියට වැඩකරන්නට වනවාට කවුරැත් කැමති නැත. නමුත් එසේ වැඩ කරන ඉහලම අද්‍යාපන මට්ටම් ඇති උපාදිදාරීන් අද ලන්කාවේ බහුතරයක් රෝහල් වල සිටින්නේ දොස්තර මහත්තුරැන්ගේ කරැනාවට පින්සිදු වෙන්නටයි. ඔවුන්ගේ අනාගතය, පවුල් වල ඉරනම, දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩවීම්, ඔවුන් අද විදින ප්‍රස්න දුස්කරතා සියල්ලට වෛද්‍ය සන්ගමය වගකියයුතුවේ.

ලෝකයේ ඉහලම වේතන ලබන හා වැඩිම පිලිගැනීමක් ඇති රැකියා 10 අතර physiotherapy, nursing වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇත. මා මෙසේ කීවෙ මුදල් ගැන පැවසීමට නොව වෛද්‍යවරැන්ගේ බිය හා වන අසාදාරනකම් වඩා හොදින් තහවුරැ කිරීමටය.

මේ එක පැතිකඩකි. සාදාරණ අසාදාරණත්වය ඔබ තීරනය කරන්න. තවත් කරැනකි. ඔය එක වෙද සිසුවෙක් වත් වෛද්‍යවරයෙක්වත් කොතලාවල, IIHS වැනි තැන් වල සෞඛ්‍ය උපාදි විකුනද්දී මීක් කියාවත් කීවේ නැත. එම සේවා අතේද රෝගී ජීවතය ඔවුන් අත රැදී ඇති අවස්තා බොහෝය. නමුත් රෝගීන්ට ආදරේ නිසායැයි බොරැවට කිඹුල් කදුලු වගුරන ඔවුන්ට ඒවා අදාල නැත.

කියන්නට ගියොත් හෙට වෙනකන් කියන්නට කරැනු ඇත. 
කවුරැහරි වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක් නිදහස් අද්‍යාපනය, සෞඛ්‍යයේ ප්‍රමිතිය නිදහස් සෞඛ්‍ය ගැන කතාකලොත් කනෙන් ඇද හීන් හිනාවක් දමා මෙම පෝස්ටුව පෙන්නන්න.(මෙය මෙවැනි මතයක් නොදැරෑ සමහර වෙද සිසුන්ට,වෛද්‍යවරැන් වැනි සැබෑවටම නිදහස් අද්‍යාපනය, සෞඛ්‍ය ගැන සිතන මිනිසුන්ට කොහෙත්මඅදාල නැත)
By: Isuru Praneeth Kaushalya Kulathilaka”

උපුටා ගැනීම අවසන්. 


ඉතිං දොස්තර පදිරංට අපිට කියන්නට ඇත්තේ එක දෙයයි. අනුන්ගේ සායනික පුහුණුව ගැන කටමැත දොඩවන්න කළිං සමසෞඛ්‍ය ශිෂ්‍යයින්ගේ  සායනික පුහුණුවේ අයිතිය තහවුරු කරලා හිටපියව්...!!!


- පදිරා විසිනි.




අමුඩේ කැත කරගත් ගොමයාගේ වත

කොටින්ම කියනවානම් වැඩ වර්ජනය කළ පාදෙණිය ඇතුළු වෛද්‍ය සනුහරේට වුණේ බොරුවට පඩින්ඩ ගිහින් රෙද්දේ රෙවුණ එකාට වුණ වැඩේය. ඒතරමටම පදිරිවී ගියේ ...