Saturday, April 8, 2017

“අඹුදරු - හොරඅඹු” සංකල්පය සහ වංශොට් රංජා




පදිරිලන්තය හරි පුදුම රටකි. පදිරිම දේශපාලනය තිබීම අතිනුත්, පදිරිම දේශපාලඥයින් සිටීම අතිනුත්, පදිරිම පුරවැසියන් සිටීම අතිනුත් පදිරිලන්තය තියෙන්නේ ලෝකේ උතුම් රට කියන තැන ය.

පදිරිලන්තය මේ තැනට උස්සලා තියන්න බලපාපු තවත් පිරිසක් සිටී. එනම්, පදිරිලන්තයේ පදිරිම දේශපාලන විචාරකයින්. අද වන විට මුහුණුපොතේ හැම පදිරා ම මහා බලසම්පන්න දේශපාලනික විචාරකයින්වෙලයි ඉන්නෙ.

මේ පදිරි දේශපාලක විචාරකයින් මාරම නිර්මාණශීලී ය. ඔවුන් ලෝකදේශපාලන න්‍යායං පවා වෙනස් කරන තරමේ බුද්ධිමතුන් කොටසක් ය. පහුගිය කාලයේ ලෝක දේශපාලනයට නව සංකල්ප රාශියක් මේ පදිරි ෆේස්බුක් විචාරකයෝ දායාද කර තිබේ. ඉන් එකක් නම් සැබෑ දේශපාලක ප්‍රතිරූප ය පිළිබද දේශපාලන ප්‍රමිති කට්ටලය යි. දේශපාලන ප්‍රතිරූප පිළිබ මේ සංකල්පයේ අලුත් ම ප්‍රමිති නිර්ණායක ය වී ඇත්තේ. “අඹුදරු - හොරඅඹු ” සංකල්පය යි.

ඇත්තට ම කියනවානම්, මේ සංකල්පය නැවත වතාවක් දේශපාලනික වේදිකාවට ගෙනාවේ යහපාලන ලේ පිරිසිදුකිරීමේ ඇමති, මිස්ටර් විකට ක්ලීන් වන රංජන් රාමනායකට දිවුලපිටියේ පුරවැසියන් ය කියනා පිරිසක් බැණ වැදීමේ සිදුවීම යි. එහෙමත් නැත්තම් ‘තමුං රංජාවගේ නෙමෙයි, අඹුවන් ඉන්න -දරුවන් ඉන්න අය‘ කියලා එකී ජනතාව බැණ තර්ජනය කිරීමේ සිද්ධිය තම න්‍යායට සිද්ධි අධ්‍යනයක් හැටියට ගනිමිනි මේ ෆේස්බුක් විචාරක පදිරං “අඹුදරු - හොරඅඹු” සංකල්පය නැවත වටයකින් දේශපාලනය තුළ තහවුරු කර ඇත.

කෙසේ වෙතත් වාර්තා වන පරිදි, ප්‍රදේශයේ දේශපාලනික බලවතුන් කිහිප දෙනෙක් එකතුව සිදු කරමින් යන පස් කැපීමේ ජාවාරමට විරුද්ධව රංජා තම විකට ක්‍රියා සහිත සුපුරුදු වං ශොට් මෙහෙයුමක් ගෙන යෑමය මෙසේ ජනතා උදහසට හේතු වී  ඇත්තේ.

කෙසේ වෙතත් මේ න්‍යායාචාර්යවරුන්ට අනුව, හොද දේශපාලඥයෙක් වීමටනම් තිබිය යුතු මූලික සුදුසුකම් අතර මූලිකම සුදුසුකම ඔහු විවාහ වී සිටීහ හා දරුවන් සිටීම ය. හොර අඹුවන් සිටීමත්, රස්සා  දෙනවා කියා තරුණියන් රවටා දූෂණය කිරීම, බිරියන්ගෙන් දික්කසාද නඩු වැටීම, නිළියක් ගායිකාවක් සමග ප්‍රසිද්ධ ලිංගික භූමිකාවකට එළඹීම සහ ඉඳහිට කොටුවක් පැන මාට්ටුවී කකුලක් කඩා ගැනීම හෝ බිරිදගෙන් ගුටි කා අඩ නිරුවතින් දිවීම වගේ දේවල් ගොඩකුත් මේ සංකල්පයේම තවත් ඉස්සරහට ගිය සුදුසුකම් හැටියට සැලකේ.

මේ සංකල්පයේ දියුණුතම ප්‍රතිගම්‍ය අවස්ථාව වන්නේ අඹුරුවන් සිටින අය හොරකම් කළාට ගැටලුවක් නෑ යන්නයි. දිවුල පිටියේ අඹුදරු - පරඅඹු පාර්ශ්වයේ ජනතාව රංජන්ට කියන්නේ ඒ පණිවිඩයයි. “අපියි අපි පස්සෙ ඉන්න දේශපාලඥයිනුයි අඹුදරු පරඅඹු සිටින අය. අපිට රකින්න පුවුල් තියෙනවා. ඒ නිසා අපි හොරකම් කළාට කමක් නෑ. හැබැයි  අඹුදරු පරඅඹු නැති අය ඒවා විවේචනය කරන්න බෑ”

“අඹුදරු - හොරඅඹු ” සංකල්පය ම පාදක කරගනිමින් පදිරිලන්තයේ දේශපාලනය ගැන විචාරක පුරවැසි පදිරං මේ විදිහට කල්පනා කරන බවත් පේන්න තියෙනවා. “හොරකං නොකර දේශපාලනය කරන උනුත් හොරකම්වලට විවේචනය කරන වුනුත් ඒවා නොකරන්නේ උන් ගෑනු දරුවො නැති කාලකණ්නි ජාතියක් නිසා”

එතනදි සිද්ධි අධ්‍යන හැටියට ගන්නේ මේවා - “රනිල් හොරකං නොකරංනෙ ඔය කාලකණ්නියාට ළමයි නැති නිසා. මහින්ද හොරා වුණාට අවුලක් නෑනෙ. මහින්දට අඹුවො ඉන්නවා. දරුවො ඉන්නවා. මිනිහා ඉඳලා හරි සෙල්ලමක් දෙකකුත් දාන නියම ජාතියේ පිරිමියෙක්. රටකට ඕන එහෙම දේශපාලඥයෙක්”

“රංජා හොරකං නොකරන්නෙත් හොරකමට එරෙහිව කතා කරන්නෙත් ඕකට දරුවෙක් මල්ලෙක් තියා ගෑනියෙක්වත් නැති නිසා. ඕකා හොරකං කරලා කාට නම් කියලා දෙන්නද? ”

නියම දේශපාලඥයින් දේශපාලනය කරද්දි සල්ලි ඕනා. ඒකට හොරකං කරන්න වෙනවා ඉතිං. ඒවා විවේචනය කරන්න අඹුදරු හොරඅඹු පරඅඔු සබ්ජට්වල නැති කාළකණ්නින්ට අයිතියක් නෑ...

- පදිරා විසිනි








1 comment:

අමුඩේ කැත කරගත් ගොමයාගේ වත

කොටින්ම කියනවානම් වැඩ වර්ජනය කළ පාදෙණිය ඇතුළු වෛද්‍ය සනුහරේට වුණේ බොරුවට පඩින්ඩ ගිහින් රෙද්දේ රෙවුණ එකාට වුණ වැඩේය. ඒතරමටම පදිරිවී ගියේ ...