Monday, May 8, 2017

අමුඩේ කැත කරගත් ගොමයාගේ වත


කොටින්ම කියනවානම් වැඩ වර්ජනය කළ පාදෙණිය ඇතුළු වෛද්‍ය සනුහරේට වුණේ බොරුවට පඩින්ඩ ගිහින් රෙද්දේ රෙවුණ එකාට වුණ වැඩේය. ඒතරමටම පදිරිවී ගියේ ය.

රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් ඇතිවුණහොත් ඉක්මනින්ම තමන්ගේ බඩවියතට කෙලවෙන බව දන්න පාදෙණිය ඇතුළු මාෆියා දොස්තර  පදිරෝ, තමන් නිදහස් අධ්‍යාපනයට ආදරේ කරනවා යැයි නිතර කියමින්, තමං කරන්නේ අරගලයක් ය එය හුදු බඩගෝස්තරයට නෙමෙයි ය  යනුවෙන් මවා පෙන්නමින් රටේ පොදු ජනතාව ඇන්දවීමට කලක සිට සෑහෙන උත්සාහයක් ගත්තත් අන්තිමට ඒක අංජ බජල් වී ගියේ ය. 

පායි දෙණිය ඇතුළු වෛද්‍ය සනුහරේ පහුගිය වැඩවර්ජනය පටංගත්තේ ඒකට වෘත්තීය සමිති දෙසීයක් පමණ සහභාගී වන බව සිංහනාද තියමින්. උන්ගේ සුනඛ නාදයට අනුව පහුගිය වැඩවර්ජනයේදී මුළු රටේ සමස්ත ක්ෂ්‍රේස්ත්‍ර අකර්මන්‍ය වෙනවා. ඉස්පිරිතාල වැහෙනවා. පාසල් වැහෙනවා. ප්‍රවාහණය ඉවරවෙනවා. විදුලිය නැතිවෙනවා. වතුර නැතිවෙනවා. කොටිංම කිව්වොත් එදාට ජනතාවට පොදු වැසිකිලියකට යන්නවත් බැරිවන තරමට සමස්ත වෘත්තිකයින් දොස්තර පදිරන්ගේ පදිරි වැඩේට එකතු වෙනවා.

නමුත් අන්තිමට පාදෙණියගේ උසස් අධ්‍යාපන ජඩ අරමුණ වෙනුවෙන් එකතු කරගන්න පුළුවන් උනේ ප්‍රාථමික අධ්‍යාපනයක් තියෙන දුම්රිය රියදුරන් කීපදෙනෙක් සහ ඉස්කෝල ගුරුවරු කීපදෙනෙක් විතරයි. ප්‍රවාහනයත්, අධ්‍යාපනයත් විතරක් නෙමෙයි සියලු ක්ෂේස්ත්‍ර වෙනදා මෙන් තිබුණේ ය.
වෙනකක් තබා රෝහල් තුළින්වත් බලාපොරොත්තු වූ තරම් ලොකු බලපෑමක් කරන්න ගොමා පදිරන්ට බැරිවිය.

වෛද්‍ය පදිරන් රජයේ රෝහල්වල ස්ට්‍රයික් කල නමුත් උදේ හවස තම පෞද්ගලික චැනල වෙනදාට වඩා සරුවට අරගෙන ගියේය. වෙනකක් තබා පායි දෙණිය පවා රහසින් චැනල්  සේවය පවත්වාගෙන ගොස් පදිරි වී සියලු දොස්තරලාගේ මුඛ පූට්ටු කලේය.




මුඛ පූට්ටු වූ හෙයින් පායි දෙනියගේ පදිරිවීම ගැන මැත දොඩා ජාමේ බේරාගන්නට විහිලු කතා ගොඩක් කියා තව තවත් ගූ ගාගන්නට ගොමා දොස්තරලාට සිදුවිය. මුං පළමුව කලේ රංජන් රාමනායකගේ හෙලිදරව්ව වැරදියි, පසුව එය නිවැරදි කළා කියමින් රංජන් රාමනායකගේ ට්විටර් පණිවිඩයක් ආකාරයෙන් ව්‍යාජ පණිවිඩයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමයි. ඒ පතරංග ව්‍යාජ පණිවිඩය ට්විටර් පණිවිඩයක සටහන් කළ හැකි උපරිම අකුරු සීමාව ඉක්මවාගිය තරම්  විශාල එකක් වීම තුළ ගොමා පදිරංගේ ගොං මොළේ තරම තවදුරටත් පැහැදිලි විය. කෙසේවෙතත් ඇමතිවරයා ලබා දුන් මාධ්‍ය සාකච්ඡාව ඉක්මනින් මාධ්‍ය විසින් ප්‍රචාරණය කළ නිසා ඊනියා ට්විටර් ග්‍රාෆිකය අකපුස්සේ ගහගන්න පදිරංට සිදුවිය.



සිදුව ඇති කාරණය ගැන බීබීසී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයේදී මුඛ පූට්ටු වී ගිය ගොමා ලේකම් නලින්ද හේරත් කීවේ පෞද්ගලික චැනලින් නවත්වන බව අන්තිම මොහොත වෙන තෙක් කියන්නේ නැත්තේ නැතිනම් රජය වර්ජන දිනය දැනගන්නා නිසා කියලාය. රන්ජන් රාමනායක ඇමතිවරයා පායිදෙණියගේ පෞද්ගලික සේවය සඳහා දින වෙන් කර ගත්තේ වර්ජනයට කළින් දා රාත්‍රියේ වු අතර, ඔහුට දින දී තිබුණු වර්ජන දා (මැයි 06) පස්වරු 12 පමණ වනතුරුත් පායිදෙණිය නොඑන බව රෝහලින් දැනුම් දී තිබුණේ නැත. රංජන්ට කාලය දී තිබුණේ පස්වරු 4.5ට ය. කාරණය ලීක් වූ බව දැනගත් පායිදෙණිය රෝහල අමතා එදින සියලු චැනල් කැන්සල් කරන බව දන්වන ලෙස රෝහලට කියන්නේ වර්ජන දින දහවල් ය. නලින්ද හේරත් කියන විහිලුකරුගේ කතාවේ හාස්‍ය කොතරම්ද? දොස්තර පදිරං සකල වෘත්තීය සමිති සමග එකතුව රටම කොරවෙන වර්ජනයක් කරන බව සුනඛ නාද තියන්නේ ඊට දවස් ගානකට කළිනි. දේශපාලඥයින් පමණක් නොව රටේ සමස්ත ජනතාවම අහවල් දාට දොස්තර පදිරෝ ස්ට්‍රයික් කියා දැනගෙන හිටියේ ය. ඒත් හොර චැනලින් කරන්නට ගිහින් අහුවී කරකියාගන්න දෙයක් නැතිවූ නලින්ද හේරත්නම් හිපාටුවා කියන්නේ, පෞද්ගලික චැනලින් නවත්වන බව අන්තිම මොහොත වෙන තෙක් කියන්නේ නැත්තේ නැතිනම් රජය වර්ජන දිනය දැනගන්නා නිසා කියලාය. හනේ මෙහෙමත් විහිලු!

https://www.facebook.com/chinthanad/posts/10155144773960185
විහිලු වීඩියෝව මෙතනින් බලන්න

කාරණයෙන් සසල වුණ දොස්තර පදිරං එකිනෙකට ගැලපෙන්නෙ නැති කාරණා කියන්න පටංගත්තේය. පසුව කීවේ පායිදෙණිය සේවය කළ රෝහලේ වැඩ වර්ජන යක් නොතිබ්බ බවය. නමුත් පචදෙනිය මාධ්‍යට කීවේ තමා ස්ට්‍රයික් දවසට ප්‍රතිපත්තියක් විදිහට චැනලින් කරන්නේ නැති බවය.

                                              ඇමතිවරයාගේ ඇත්ත ට්විටර් පණිවිඩය

බැරිම තැන දොස්තරලා අවසන් විකල්පය විදිහට ගත්තේ රංජන්ට මඩගැසීම ය. මඩගසන්න ඔවුන් කීවේද කලේද අර තරංම ගොන් කතාය. මුලින් කීවේ ළමා ශෛ්‍යෛවෙවද්‍යවරයෙක් චැනල් කරන්න රංජන් බබෙක්ද කියාය. රංජන් බබෙක් වුණත් නැතත් කම් නැත. කාරණය ඒක නෙමෙයි ය. පායි දෙණිය හොරාට චැනල් පවත්වාගෙන යෑම ය.


                             දොස්තර පාදඩයින් විසින් විකෘත්ති කර පළ කළ ව්‍යාජ පණිවිඩය

අනෙක් කාරණය දරුවෙක්ට ප්‍රතිකාර ගැනීමට කාලය වෙන්කර ගද්දී  බාරකාරයාගේ හෝ දරුවාගේ නම දෙන සිරිතක් නැත. අදාල පෝරමය තුළ ඇති සෙසු විස්තර වන්නේ දුරකථන අංකය, හැඳුනුම්පත් අංකය, ඊමේල් ලිපිනය ආදියය. දිය යුත්තේ දරුවාගේ විස්තරනම්, ගොමා මහමොලකරුවන්ගේ දරුවන් ඉපදුන ගමන් මේවා අරං එනවා වෙන්න ඇති. පොදු ජනතාවගේ දරුවන්නම් ඉපදෙද්දි මේවා අරං එන්නේ නැත.

- පදිරා විසිනි


No comments:

Post a Comment

අමුඩේ කැත කරගත් ගොමයාගේ වත

කොටින්ම කියනවානම් වැඩ වර්ජනය කළ පාදෙණිය ඇතුළු වෛද්‍ය සනුහරේට වුණේ බොරුවට පඩින්ඩ ගිහින් රෙද්දේ රෙවුණ එකාට වුණ වැඩේය. ඒතරමටම පදිරිවී ගියේ ...